ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 50% ක් නිලධාරී හිඟයක් පවතින බව අනාවරණ වී තිබෙනවා.
එම අධිකාරියේ පැය 24 ක්‍රියාත්මක 1929 ළමා උපකාරක සේවාවට ළමා අපයෝජන සම්බන්ධව මසකට ලැබෙන අවම පැමිණිලි සංඛ්‍යාව 600 කට අධිකයි.
ඊට අමතරව, ළමා ආරක්ෂක අධිකාරිය දිවයිනපුරා සියළුම පොලිස් ස්ථානවලට ලැබෙන ළමයින් සම්බන්ධ පැමිණිලිවලට අදාළ විමර්ශන අධීක්ෂණය කළ යුතු වනවා.
එහෙත්, එම සියළු පැමිණිලි කළමනාකරණයට ළමා ආරක්ෂක අධිකාරියේ සේවය කරන්නේ නීතිඥවරු සිව්දෙනෙක් පමණයි.
සිවිල් විමර්ශන නිලධාරීන් 10 දෙනෙකුගේ රාජකාරී කරන්නේ එක් නිලධාරියෙක්.
එම නිසා ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි කළමනාකරණය බලවත් ගැටළුවක් වී ඇති බව ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා.
More Stories
ජනපති චීන නිල සංචාරය අරඹමින් බෙයිජිං නුවරට ළඟා වෙයි
චීනයේ අන්‍යෝන්‍ය සම්බන්ධතාව සහ සන්නිවේදනය තුළින් අඛණ්ඩ ප්රතිලාභ
චීන මාධ්‍ය සමූහයේ වසන්ත උත්සව ප්‍රසංගයේ පළමු පෙරහුරුව පැවැත්වේ