කොරෝනා වෛරස් ගෝලීය වසංගතය පාලනය කිරීම සඳහා ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත හදිසි භාවිතය සඳහා අනුමත කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබෙනවා.
එමෙන්ම, එම එන්නත සංවර්ධනය වෙමින් පවත්නා රටවල් වෙතද ලබාදිය යුතු බවයි එමඟින් අවධාරණය කර ඇත්තේ.
ෆයිසර් එන්නතේ මාත්‍රා දෙකක් ලබාදීමෙන් ප්‍රතිඵල අත්කරගත හැකි ආකාරය පිළිබඳව ලෝක ජනතාව දැනුවත් කිරීමට ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයද එක්වන බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළා.
අමෙරිකානු ෆයිසර් සමාගම සහ ජර්මානු බයෝඑන්ටෙක් සමාගම එක්ව නිපදවූ කොරෝනා එන්නත භාවිත කිරීම මේ වනවිට බි්‍රතාන්‍යය, අමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, සිංගප්පූරුව ආදී රටවල් රැසක් විසින් ආරම්භ කර තිබෙනවා.
More Stories
ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම කැපී පෙනෙන වර්ධනයක්
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්