ෆයිසර් එන්නත ලබාගත් නෝර්වේ රාජ්‍යයේ වයස අවුරුදු 75ට වැඩි පුද්ගලයින් 29 දෙනෙකු මියගොස් තිබෙනවා.
ඔවුන් සියලු දෙනා මියගොස් ඇත්තේ එන්නතේ පළමු මාත්‍රාව ලබා ගැනීමෙන් අනතුරුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඒ සම්බන්ධයෙන් ෆයිසර් ආයතනය ද අවධානය යොමු කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙම තත්ත්වය අපේක්ෂාවෙන් සිටි බවයි එම ආයතනය පැවසුවේ.
මේ අතර චීනයේ නිෂ්පාදිත අයිස්ක්‍රීම් සම්බන්ධයෙන් සිදුකළ වෛද්‍ය පර්යේෂණයකදී එහි තිබි කොරෝනා වෛරසය හමුවී තිබෙනවා.
ඊසාන දිග චීනයේ පිහිටි ටියැන්ජින් නගරයේ නිපදනවන ලද අයිස් ක්‍රීම් සාම්පල් ඇසුරෙන් කරන ලද විද්‍යාගාර පර්යේෂණයක දීයි මේ බව හෙළිවී ඇත්තේ.
එම නගරයේ පිහිටි ඩකියාඩෝ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ සකස් කරන ලද අයිස්ක්‍රීම් බහාලුම් කිහිපයක් වෙළඳපොළට මුදා හැර ඇති බව ද සඳහන්.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි