ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ලොකු පොඩි කා අතරත් ප්‍රසිද්ධ ගැරීනා ෆ්‍රී ෆයර් ජංගම දුරකතන වීඩියෝ ක්‍රීඩාව ඉන්දියාවේ තහනම් කර තිබේ.
ඊයේ (14) වෙනි දින ගූගල් ප්ලේ ස්ටෝර් සහ ඇපල් ස්ටෝර් එකෙන් ෆ්‍රී ෆයර් ක්‍රීඩාව ඉන්දීය බලධාරිහු ඉවත් කිරීමට පියවර ගනු ලැබූහ.
තවමත් මෙසේ ෆ්‍රී ෆයර් ක්‍රීඩාව තහනම් කිරීමට හේතුව ඉලෙක්ට්‍රොනික් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය පවසා නැත.ලක්ෂ සංඛ්‍යාත ක්‍රීඩකයන් පිරිසක් මෙම තීරණය හේතුවෙන් පුදුමයට පත්ව ඇත.
ඉන්දියාව චීනය සම්බන්ධ ජංගම දුරකථන මෘදුකාංග 54 ක් පසු ගියදා තහනම් කරනු ලැබූවත් ෆ්‍රී ෆයර් නිර්මාතෘ ගැරීනා හි මවු සමාගම වන සී පුද්ගලික සමාගම සිංගප්පුරු සමාගමකි.අයිතිකරු ෆොරස්ට් ලී චීනයේ ඉපිද කුඩා කලම සිංගප්පුරුවට සංක්‍රමණය වූ පුද්ගලයෙකි.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි