රටම කම්පාකළ අටලුගම 09 හැවරදි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් ඇගේ නිවසට නිතර ආ ගිය අසල්වැසි පුද්ගලයකු පිළබඳ පොලිසියේ සැකය යෙමු වී තිබේ.
28 හැවිරිදි සැකකරු අයිස් නැමැති මත්ද්‍රව්‍ය භාවිතයට තදින්ම ඇබ්බැහිවූ වකු වන අතර දැරිවියගේ පියා සමඟ එක්වද එම පුද්ගලයා මත්ද්‍රව්‍ය භාවිතා කරන බව පොලිස් විමර්ශනවලදී තහවුරු වී ඇත. මේ හේතුව නිසා සැකකරු දැරිවිය පදිංචිව සිටි නිවසට ඔහු නිතර යන එන බවත් අනාවරණය වී ඇත.
දැරිවිය අතුරුදන් වීමෙන් පසු මුළු ගමක්ම දැරිවියව සොයන විට ඔහුද දැරිවිය සොයන්නට පෙරමුණ ගෙන කටයුතු කර ඇත.
දරිවිය මරා දැමීමට පෙර මෙම පුද්ගලයා ඇය දූෂණයකර ඇති බවට පොලීසිය සැකකරන අතර අද දවසේ (30) සිදු කරන පශ්චාත් මරණ පරීක්ෂණයෙන් ඒබව තහවුරුකර ගැනීමට හැකිවනු ඇතැයි පොලිසිය විශ්වාස කරයි.
දැරිවිය අතුරුදන් වූ දින ඇය වෙළද සැළට ගොස් මස් රැගෙන එන අතරතුර ඔහු අතුරු මාර්ගයේ රැදී සිට ඇති බව පොලසිය සැකකරයි. අනුතරුව ඔහු දැරිවියට අතවර කිරීම සඳහා ඇයව වගුරු බිම දෙසට අතින් ඇදගෙන යන්නට ඇති බවත් දැරිවිය කෑ ගසන්නට වූ බැවින් ඇය මුහුණ මඩේ ඔබාගෙන සිටීමකදී ඇගේ මරණය සිදුවන්නට ඇති බවත් පොලීසිය සැකකරයි.
මෙකී සැකයන් තහවුරුකර ගැනීමට අවශ්‍ය තොරතුරුද මේ ව ලැබී ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.
මෙම දැරිවිය අතුරු මාර්ගයේ රැදී සිටියදී ප්‍රදේශවාසී කාන්තාවක් දැක ඇය එසේ තනිවම මාර්ගයේ රැදී සිටින්නේ ඇයිදැයි විමසා ඇති බවද පොලීසියට තොරතුරු ලැබී ඇත. එහිදී එම දැරිවිය පවසා ඇත්තේ සීයා පැමිණෙන තුරු එලෙස රැදී සිටින බවයි.
පොලිස්පතිවරයාගේ නියෝගය මත මෙම අපරාධයෙන් විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක්ද අටලුගමට ගොස් විමර්ශන ආරම්භකරනු ලැබීය. ගම්වාසීන්ගේද නොමද සහය මත මෙම අපරාධයේ සැඟවුණු තොරතුරු හෙළිකර ගැනීමට බණ්ඩාරගම පොලීසිය සමත්ව ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්