බණ්ඩාරගම – අටළුගම ප්‍රදේශයේ දී පෙරේදා (28) දිනයේ දී ඝාතනය ලක් වූ 09 හැවිරිදි ෆාතිමා අයිෂා අක්රම් දැරිය දූෂණයට ලක් වී නැති බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් බව වාර්තා වේ.
දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඊයෙ (29) පොලිසිය භාරයට ගැනුණු පුද්ගලයින් දෙදෙනා අතරින් එක් අයෙකු මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇත. සැකකරු 29 වැනි වියේ පසු වන දෙදරු පියකු බව පැවසේ.
ඔහු පොලිසියට කළ පාපොච්චාරණයේද ඔහු දැරියට අතවර නොකළ බව පවසා ඇත. තමන් මහමග තනිව ගමන්කරමින් සිටි ෆාතිමා දැරිය ඔසාවාගෙන කැලෑබද ප්‍රදේශයකට රැගෙන ගොස් දැරියට යම් අතවරයක් සිදු කිරීමට උත්සාහ කළ ද ඒ සම්බන්ධයෙන් තමන්ට බියක් ඇති වූ බව ඔහු පවසා ඇත.
මෙම සැකකරු ඝාතනයට ලක්වූ දැරියගේ පවුලේ ඥාතියෙකු වන අතර දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවෙකි. ඔහු පසුගිය 27 වනදා සිය නිවසේ සිටියදී මෙම දැරිය හුදෙකලාව යන අයුරු දුටු බව පොලිසියට පාපොච්චාරණය කර ඇත.
ඔහු දැරිය ඝාතනය කර ඇත්තේ තමන් ඇයට අතවර කිරීමට ගත් උත්සහය ඇය අනාවරණය කරනු ඇතැයි මතු වූ බිය නිසා බවද පොලිසියට පවසා ඇත. කෙසේ වෙතත් දැරිය ඝාතනය කරනු ලැබූ ආකාරය මෙතෙක් අනාවරණය වී නැත.
පානදුර විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන කළ දීර්ඝ ප්‍රශ්නකිරීම් වලින් අනතුරුව මෙම තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වී තිබේ.
පසුගිය 27 වන දා ෆාතිමා දැරිය අතුරුදන් වී තිබුණේ නිවස ආසන්නයේ වෙළදසැලකට කුකුළු මස් මිලදී ගැනීම සඳහා ගොස් සිටියදීයි.
ඊට පසුදින පස්වරුවේ දැරියගේ සිරුර, නිවසට යාබද වගුරු බිමක තිබී සොයාගැනුණු අතර, ඒ අවස්ථාවේදීත් ගම්වාසීන් සමග සැකකරුද වගුරු බිම් ප්‍රදේශයේ රැඳී සිට ඇත.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්