පෝල් ෆාබ්‍රේස් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකාර තනතුර ප්‍රතික්ෂේප කර තවදුරටත් වෝර්වික්ෂයර් ප්‍රාන්ත පිලේ රැඳී සිටිමට තීරණය කර තිබේ.
Edgbaston හි ක්‍රිකට් අධ්යක්ෂවරයා වන Farbrace හට 2014 දී ඔහු හැර ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට නැවත පැමිණීමට යෝජනාවක් ලැබුවා.
54 හැවිරිදි ඔහු පසුගිය වසරෙ Warwickshire ප්‍රාන්තය වසර නවයකට පසු ප්‍රථම වරට ප්‍රාන්ත ශූරතාව ජයග්‍රහණය කැන්දාගෙන ගිය අතර අතර, ඒ ලෝඩ්ස්හිදී ලැන්කෂයර් පිලට එරෙහිව ජයග්‍රහණය කරමින්.
පසුගිය වසර අවසානයේ ඩර්බිෂයර් වෙත යාමට එකඟ වූ දකුණු අප්‍රිකානු ක්‍රීඩක මිකී ආතර්ගේ සමුගැනීමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව ප්‍රධාන පුහුණුකරුවෙකු අවශ්‍ය වී තිබේ.
ෆාබ්‍රේස් මුලින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාර තනතුර සඳහා ඉල්ලුම් කර නොතිබූ නමුත් නව ප්‍රධාන පුහුණුකරු බඳවා ගැනීමෙ වගකීම පවරා ඇති කමිටුව අයදුම්කරුවන් 30 ක් හෝ ඊට වැඩි පිරිසකගේ ගුණාත්මක භාවය ප්‍රමාණවත් නොවන බව තීරණය කිරීමෙන් පසුව ෆාබ්‍රේස් ද යෝජනා කළේය .
- The Cricketer සඟරාව ඇසුරින්
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්