ශ්‍රී ලංකාවේ සමාජීය ප්‍රචණ්ඩත්වය ඉහළ නැංවීමට ෆේස්බුක් වැනි සමාජ ජාලා ඉවහල් වී ඇති බව නිව් යෝර්ක් විශ්වවිද්‍යාලය විසින් සිදු කළ අධ්‍යයනයකදී හෙළි තිබෙනවා.එම විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර හා මානව හිමිකම් පිළිබඳ මධ්‍යස්ථානය විසිනුයි මෙම අධ්‍යයනය සිදුකර ඇත්තේ.
එහිදී වැඩිදුරටත් අනාවරණය කර ඇත්තේ ෆේස්බුක් සහ වෙනත් ජනප්‍රිය සමාජ ජාල විසින් දේශීයව යොදවා ඇති පරිපාලකයන්ගේ ක්‍රියාකාරිත්වය ප්‍රමාණවත් පරිදි නොවීම හේතුවෙන් මෙලෙස ගිනි අවුළුවන අන්තර්ගතයන් පාලනය කිරීමට අපොහොසත් වී ඇති බවයි.
2018 මාර්තු මාසයේ දී දිගන පදනම් කරගෙන සිදු වූ අවම තරමින් තිදෙනෙකු මරණයට පත් වූ මුස්ලිම් විරෝධය හා පසුගිය වසරේ 259 දෙනකු මියගිය පාස්කු ප්‍රහාරයට පසු තත්ත්වය පාලනය කිරීමේ දී පැහැදිලිවම ෆේස්බුක් පරිපාලකයන් අසාර්ථක වී ඇති බව එම අධ්‍යයනයෙන් අනාවරණ වී තිබෙනවා.
ෆේස්බුක් ඔස්සේ ව්‍යාප්ත වූ මෙම ප්‍රහාරයන්ට අදාළ උසිගැන්වීම් පාලනය කරන ලද්දේ නම් අදාළ තත්ත්වය ආරම්භයේදීම පාලනය කළ හැකිව තිබූ බවයි නිව් යෝර්ක් විශ්වවිද්‍යාලය පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවලදී සමාජ ජාල ඔස්සේ අපහාස කිරීම් සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම සිදු කරන මැදිහත්වීම ප්‍රමාණවත් බවත් එම අධ්‍යයනය වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.
More Stories
සිය සළුපිළි උනා දැමූ ඇමරිකාව ගැන චීනයේ මතය
සමස්ත ආසියානු ජනතාවගේ පොදු අපේක්ෂාවන් පිළිබිඹු කරන චීනයේ අලුත් අවුරුදු තෑග්ග…
ඇමරිකාව සයිබර් ආරක්ෂණ ගැටළු මුවාවෙන් චීනයට අපහාස කිරීම වහාම නතර කළ යුතු බවට චීනයෙන් ප්‍රකාශයක්