මුහුණු පොත ඔස්සේ අන්තර්ජාලයට වෛරි සහගත ප්‍රකාශ එක්කිරීමේ චෝදනාවට අදාලව අත්අඩංගුවට ගෙන සිටින මොහොමඩ් නිසාන් නැමැත්තා සම්බන්ධයෙන් කරුණු ගනනාවක් අනාවරණ වි ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.
සැකකරු විදුලි සංදේශන නියාමන කොමිෂමේ අවසරයකින් තොරව සන්නිවේදනය ජාලයක් පවත්වාගෙන ගොස් ඇති බවත් එම ජාලය හරහා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පිරිස් සමග සබදතා පවත්වාගෙන ගොස් ඇති බවත් අනාවරණ වි තිබෙනවා.
අදාල ජාලය තුළ මුස්ලිම් දේශපාලඥයෙක්ද වන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් අධිකරණය හමුවේ සදහන් කළේ.
අදාල සන්නිවේදන ජාලය පවත්වාගෙන ගොස් ඇත්තේ එහි සාමාජිකයන්ගේ අනන්‍යතාව හෙළි නොවන ආකාරයෙන් බැවින් ඒ පිළිබද වැඩිදුර විමර්ශණ කිරීම අසීරු බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ.
මෙම සන්නිවේදන ජාලය හරහා සැකකරු 494 දෙනෙක් සමග සබදතා පවත්වා ඇතැයි අධිකරණය හමුවේ අනාවරණ වුනා.
මොහොමඩ් නිසාන් නැමැති මෙම සැකකරු පසුගිය නඩු වාරයේදි අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් කිරීමට අවසර ඉල්ලා සිටියා.
එහෙත් සැකකරුගේ නීතිඥවරයා අද අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම ඉල්ලීම ඉවත් කරගත් බවයි නිව්ස් රේඩියෝ අධිකරණ වාර්තාකරු පැවසුවේ.
නඩුව යළි ලබන 25 වනදා කැදවිමට නියමිතයි.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්