හිමිකරුවන් නොමැති ෆේස් බුක් ගිණුම් ලක්ෂ විස්සක් පමණ මෙරට ඇති බවත් ඒවා වසා දැමීම සඳහා අධිකරණ ඇමති අලි සබ්රි සමඟ එක්ව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවට පසුගියදා ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල සිදු කරනු ලැබූ ප්‍රකාශයට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මාධ්‍ය නිවේදනයක් මගින් ප්‍රතිචාර දක්වා තිබේ.
එම නිවේදනය මෙසේය…
මෙරට සමස්ත ෆේස්බුක් ගිණුම් ප්‍රමාණයෙන් නිසි හිමිකරුවන් නොමැති බවට තහවුරු වී ඇති ගිණුම් ලක්ෂ 20ක් පමණ අත්හිටුවීමට අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ඉදිරියේදී ගැනීමට නියමිත බව ජනමාධ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසූ බව (07) මාධ්‍ය ඔස්සේ වාර්තාකොට තිබිණි.
මේ වනවිට ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 76ක් පමණ ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවියෙහි පරිශීලකයන් ලෙස ලියාපදිංචි වී ඇති අතර එම ප්‍රමාණයෙන් ලක්ෂ 20ක් පමණ වූ පරිශීලක ගිණුම් නිසි හිමිකරුවන් නොමැති ගිණුම් යැයි ජනමාධ්‍ය අමාත්‍යවරයා සදහන් කරන්නේ කුමන පදනමකින් දැයි අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විශ්මයට පත්වෙමු.
තවද ෆේස්බුක් ගිණුම් ඉවත් කිරීම, නියාමනය කිරීම හෝ පාලනය කිරීම සම්බන්ධයෙන් කිසිදු රජයකට හෝ වෙනත් තෙවන පාර්ශවිය කණ්ඩායමකට කිසිදු බලතලයක් නොමැති බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස රජයට පෙන්වා දෙමු.
සමාජ මාධ්‍ය පරිශීලකයින් බියගැන්වීමට විවිධ අමාත්‍යවරුන් විසින් සිදුකරන මෙවැනි අනුවණ ප්‍රකාශ වෙත අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ බලවත් අප්‍රසාදය පළ කරමු.
රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්