වගකීමෙන් පලා යන්නෙකු නම් ඔහු නායකයකු නොවේ යැයි හිටපු හමුදාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.
සිය මුහුණු පොතෙහි සටහනක් තබමින් ඔහු පවසන්නේ කොරෝනා වසංගතය මර්දනය කර ගත නොහැකිව එහි වගකීම අනෙක් සියලුම දෙනා වෙත පවරා තමන් ඇඟ බේරා ගැනීම නායකයකුගේ ගුණාංගයක් නොවන බවයි. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ”කොරෝනා සමාජ ව්‍යාප්තියක් රටේ පවතින අවස්ථාවක ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා රටේ සියලු ශක්තීන් එකතු කරනවා වෙනුවට මේ තාක් කැපවීමෙන් හා අධිෂ්ඨානයෙන් සේවය කරන ත්‍රිවිධ හමුදාවේ හා සෞඛ්‍ය අංශවල චිත්ත ධෛර්යය මෙවැනි ප්‍රකාශවලින් හීන වන බවයි.
මීට අවුරුද්දකට කලින් රටේ ජනතාව ජනාධිපතිවරයෙක් පත් කර ගත්තේ ආරක්ෂක ලේකම්ගේ කාර්යභාරය කරන්නට නොවේ. මෙවැනි ප්‍රකාශ මගින් ජනාධිපති නියෝජනය කරන කීර්තිමත් ගජබා රෙජිමේන්තුවටත් අවමානයක් බව මගේ විශ්වාසයයි.” පවසා තිබේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්