කැනඩාවේ වැන්කුවර් නගරයට ඔබ්බෙන් මුහුදේ රසායනික ද්‍රව්‍ය ප්‍රවාහන නෞකාවක ගින්නක් හටගෙන ඇති බවත්, ගින්න නිවා දැමීමටත් නැවේ කාර්ය මණ්ඩලයට අවශ්‍ය සහාය ලබා දීමටත් කැනඩා වෙරළාරක්ෂක නිලධාරීන් කටයුතු කරන බවත් වාර්තා වේ.
ගින්න හටගෙන ඇත්තේ මෝල්ටා රාජ්‍යයේ ධජය සහිත එන්.වී.සිම්. කිංග්ස්ටන් නමැති බහාලුම් නෞකාව බව පැවැසෙයි.
නැවේ කාර්ය මණ්ඩල සාමාජිකයන් ගණන 16 ක් බවත් ඔවුන්ගෙන් 11 දෙනකු නැවෙන් ඉවත් කෙරුණු බවත් කැනඩා වෙරළාරක්ෂක නිලධාරීහු පවසති. නැවේ රැඳී සිටින පස් දෙනා ගින්න නිවා දැමීමට උත්මාහ ගන්නා බව ද පැවැසෙයි.
More Stories
ෂී ජින් පිං සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දුරකථන සංවාදයක්
චීන හමුදා ජ්‍යෙෂ්ඨයන්ට චීන ජනපතිගෙන් වසන්ත උත්සවයට සුබ පැතුම්
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්