දිවයින පුරා සියලු පාසල්වල 10 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ශ්‍රේණි හෙට ආරම්භ කිරීමට නියමිතයි.
ඒ සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සඳහන් කළේ.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග ඉලක්ක කර ගනිමින් 10, 11, 12 සහ 13 ශ්‍රේණි අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ කිරීමට කොවිඩ් මර්දන කමිටුවෙන් ලැබුනු නිර්දේශ වලට අනුව මෙලෙස පාසල් විවෘත කරන බවයි.
ඒ අනුව පාසල තුලදීත් මුහුණු ආවරණ පැළදීම, දෑත් විෂබීජහරණය සහ සිසුන් අතර දුරස්ථභාවය පවත්වා ගැනීම යන සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීම අනිවාර්ය වනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්