2025 වසරේ චීන රජයේ ප්‍රධාන කාර්යයන් 10ක්

චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා අද(5) බෙයිජිංහි පැවති 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ තුන්වැනි සැසිවාරයේ සමාරම්භක රැස්වීමේදී රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කළේය. එහිදී 2025 වසරේ චීන රජයේ ප්‍රධාන කාර්යයන් 10ක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව චීන රජය පරිභෝජනය ප්‍රබල ලෙස ඉහළ නංවමින් ආයෝජන ප්‍රතිලාභ වැඩිදියුණු කරමින් දේශීය ඉල්ලුම සම්පූර්ණයෙන්ම පුළුල් කිරීමට පියවර ගනු ඇත. විවිධ ප්‍රදේශයන්හි සැබෑ තත්වයන්ට අනුව නව ගුණාත්මක ඵලදායිතාව සංවර්ධනය කරමින් නවීන කාර්මික පද්ධතියක් ගොඩනැගීම කඩිනම් කෙරේ. විද්‍යාව හා අධ්‍යාපනය වර්ධනය කිරීමෙන් රට පුනර්ජීවනය කිරීමේ උපායමාර්ගය ගැඹුරින් ක්‍රියාත්මක කරමින් ජාතික නවෝත්පාදන පද්ධතියේ කාර්යක්ෂමතාව හා ඵලදායිතාව වැඩිදියුණු කෙරෙනු ඇත. සංකේතාත්මක ප්‍රධාන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කඩිනම් කරමින් ආර්ථික ක්‍රමවේද ප්‍රතිසංස්කරණ මෙහෙයවීමේ කාර්යභාරය මනාව ඉටු කළ යුතුය.  ඉහළ මට්ටමේ විවෘතභාවය පුළුල් කරමින් විදේශ වෙළඳාම සහ විදේශ ආයෝජන ස්ථාවර කිරීමටද පියවර ගත යුතුය. ප්‍රධාන ක්ෂේත්‍රවල අවදානම් නිරාකරණය කරමින්, පද්ධතිමය අවදානම් සිදුවීම මුළුමනින්ම වළක්වා ගත යුතුය. ” කෘෂිකර්මාන්ත, ග්‍රාමීය හා ගොවීන් ” සම්බන්ධ කටයුතු කෙරෙහි අවධානය යොමු කරමින් ග්‍රාමීය පුනර්ජීවනය තවදුරටත් ප්‍රවර්ධනය කෙරේ. නව නාගරීකරණය සහ කලාපීය සම්බන්ධීකරණ සංවර්ධනය ප්‍රවර්ධනය කෙරෙන අතර සංවර්ධන රටාව තවදුරටත් ප්‍රශස්ත කිරීමට ප්‍රයත්න දැරිය යුතුය. කාබන් විමෝචනය හා දූෂණය අඩු කරමින් හරිත වර්ධනය ඒකාබද්ධව ප්‍රවර්ධනයට ක්‍රියා කරමින් ආර්ථික හා සමාජීය සංවර්ධනයේ හරිත පරිවර්තනය කඩිනම් කිරීමට ක්‍රියා කළ යුතුය. ජීවනෝපාය සහතික කිරීම සහ වැඩිදියුණු කිරීම ශක්තිමත් කරමින් සමාජ පාලනයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා චීන රජය පියවර ගත යුතු බව ද එහිදී සඳහන් වී තිබේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com