11 වැනි චීන-මධ්‍යම ආසියා සහයෝගිතා සංසදය පැවැත්වෙයි. සංසදයේ සමාරම්භක උත්සවය ඊයේ (26) චීනයේ Ningxia Hui ස්වායත්තයේ Yinchuan නගරයේ දී පැවැත්විණ. මෙම සංසදයේ තේමාව “හරිත සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සහ පොදු නිවහනක් ගොඩනැගීම” යන්නයි.
චීන මහජන දේශපාලන උපදේශක සභාවේ උප සභාපතිනි සහ Shanghai සහයෝගිතා සංවිධානයේ අසල්වැසි මිත්‍රශීලි සහයෝගීතා කමිටුවේ සභාපතිනි Shen Yueyue මහත්මිය එම සමාරම්භක උත්සවයට සහභාගී වී ප්‍රධාන දේශනයක් පැවැත්වූවාය.
චීන-මධ්‍යම ආසියානු සමුළුවේදී චීන-මධ්‍යම ආසියා සහයෝගිතාව වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ මධ්‍යම ආසියාවේ රාජ්‍ය නායකයින් පස්දෙනා එක්ව නව සැලැස්මක් සකස් කළ බව Shen Yueyue මහත්මිය පැවසුවාය. රටවල් හයක ජනතාවට වඩා හොඳ ප්රතිලාභ ගෙන දීම සඳහා සර්ව පාර්ශවීය ආකාරයකින් අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා මධ්‍යම ආසියානු රටවල් සමඟ එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ඇය පැවසුවාය.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි