යාපනය වඩුක්කෝඩෙයි තෝල්පුරම් ප්රදේශයේ නිවසක පලංචියකින් වැටීමෙන් පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (08) පස්වරුවේ පලංචියක් මත සෙල්ලම් කරමින් සිටියදී ඔහු ඇද වැටී ඇති බවටයි මූලික විමර්ශණවලදී අනාවරණ වී ඇත්තේ.
තවත් දරුවන් කිහිප දෙනෙකු සමග ක්රීඩා කරමින් සිටි මෙම 11 හැවිරිදි දරුවා අනෙක් ළමුන් සමග පලංචිය මතට නැග ඇති අතර එහිදී පය ලිස්සා බිම ඇද වැටී තිබෙනවා.
අදාළ නිවසෙහි සිදු කළ ඉදිකිරීමක් සඳහා පලංචිය බැඳ ඇති අතර මියගිය දරුවා සහ අනෙක් ළමුන් අවස්ථා කිහිපයකදීම ඊට නැග සෙල්ලම් කර ඇති බව ද පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා.
බරපතල තුවාල ලැබූ පිරිමි දරුවා නිවැසියන් විසින් යාපනය ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර එහිදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි සඳහන්.
මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර වඩුක්කෝඩෙයි පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්