වයස අවුරුදු 12 ට වැඩි සියල්ලන්ට ෆයිසර් එන්නත ලබාදීම අනුමත කළ ඔස්ට්‍රේලියාවේ පළමු ප්‍රාන්තය බවට දකුණු ප්‍රාන්තය පත්ව තිබෙනවා.
ප්‍රාන්ත අගමැති ස්ටීවන් මාර්ෂල්, ඇඩිලේඩ් නුවර අද පැවති මාධ්‍ය හමුවකදී නිවේදනය කළේ වයස අවුරුදු 60 ට වැඩි ජනතාවට පවා එම එන්නත සුදුසු බවයි.
ලබන සඳුදා සිට අවුරුදු 12 ත් 15 ත් අතර ළමුන්ට මෙන්ම අවුරුදු 60 ට වැඩි සියල්ලන්ට ෆයිසර් එන්නත ලබා ගැනීම සඳහා ලියාපදිංචි විය හැකි බවද ඔහු සඳහන් කර තිබෙනවා
දැනට දකුණු ඔස්ට්‍රේලියාව තුළ පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති සංඛ්‍යාව සියයට 40 ක්.
ඉන් බහුතරයට ලබා දී ඇත්තේ ඇස්ට්‍රා-සෙනෙකා එන්නතයි.
More Stories
ඇමරිකාව සිදු කළ අසාධාරණ තීරුබදුවලට එරෙහිව චීන රජයේ ස්ථාවරය
චීනයේ Diaoyu Dao මුහුදු ප්‍රදේශයට නීතිවිරෝධී ඇතුළු වූ ජපන් ධීවර යාත්‍රාවක් නෙරපා හරී
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආණ්ඩුවට එරෙහිව ඇමරිකාව පුරා උද්ඝෝෂණ