12 වැනිදා සිට සියලු පාසල් ගුරුවරුන්ට එන්නත්

පාසල් නැවත ආරම්භ කිරීමට පෙර සියලු පාසල් ගුරුවරුන්ට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව ලබන 12 වැනිදා සිට එම වැඩපිළිවෙල ආරම්භ කරන බවයි අධ්‍යාපන අමාත්‍ය ජී.ඇල්. පීරිස් මහතා පවසන්නේ.

වයස් භේදයක් නොසලකා සියලු ගුරුවරුන්ට එන්නත් ලබාදීම කඩිනමින් අවසන් කරන බවත්, ඊට අමතරව පාසල්වල සේවය කරන අනධ්‍යයන සේවකයන්ටද එන්නත් ලබාදෙන බවත් ඇමතිවරයා පවසනවා.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳව අවසන් තීරණය ගනු ලැබූ අතර එහිදී ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ ගුරුවරුන්ට එන්නත් ලබා දී කඩිනමින් පාසල් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com