බහරේන් සිට පැමිණ නිරෝධායන වෙමින් සිටි පුද්ගලයෙක් හලාවත මූලික රෝහලේ දී අද (14) මියගොස් තිබෙනවා.
විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ එම පුද්ගලයා කොවිඩ් -19 ආසාදිතයෙකු ලෙස තහවුරු වූ බවයි.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 60ක පිරිමි පුද්ගලයෙකි.
ඒ අනුව මෙරටින් වාර්තා වන 13 වන covid 19 ආසාදිත මරණය ලෙස මෙය දැක්විය හැකියි.
වෘත්තියෙන් නාවිකයෙකු වන මොහු නුගේගොඩ පදිංචි කරුවෙක්. මෙම මරණයට ආසන්නම හේතුව හෘදයාබාධයක් බවයි දැක්වෙන්නේ.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි