14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ (NPC) ස්ථාවර කමිටුවේ 11 වැනි සැසිවාරය අද(13) බෙයිජිංහි දී අවසන් විය. එහි අවසන් රැස්වීමේ දී ජාතික ආරක්ෂක අධ්‍යාපන නීතියක් සම්මත කිරීමට මෙන්ම සංඛ්‍යාන නීතිය සංශෝධනය කිරීම පිළිබඳ තීරණයක් ගැනීමට නීති සම්පාදකයෝ ඡන්දය ලබා දුන්හ.
චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් ජාතික පදක්කම් සහ ගෞරව නාම ප්රදානය කිරීමට ද එහිදී එකඟත්වය පළ විය. මෙහිදී අදාළ නීතිය සහ තීරණ ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ෂී ජින් පිං මහතා ජනාධිපති නියෝග හතරකට ද අත්සන් තැබීය.
මේ අතර, මෙහිදී චීනයේ ව්‍යවස්ථාපිත විශ්‍රාමික වයස ක්‍රමයෙන් ඉහළ නැංවීම පිළිබඳ තීරණයට ද නීති සම්පාදකයෝ සිය කැමැත්ත පළ කර ඇත. ඒ අනුව 14 වැනි ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 11 වැනි සැසිවාරයේදී ගනු ලැබූ තීරණයට අනුව, 2025 සිට වසර 15ක කාලය තුළ පිරිමි පුද්ගලයින්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස අවුරුදු 60 සිට 63 දක්වාත්, කාන්තා කාඩර්වරියන් සහ කාන්තා නිල් කරපටි සේවිකාවන් සඳහා පිළිවෙළින් වයස අවුරුදු 55 සිට 58 දක්වා සහ වයස අවුරුදු 50 සිට 55 දක්වා ඉහළ නංවනු ඇත.
More Stories
ප්‍රජාතන්ත්‍රවාදිව දේශපාලනය කරපු JVP එක තහනම් කරා – ටිල්වින් සිල්වා
“වසන්තයේ චීනය: චීන අවස්ථා ලෝකය සමග බෙදා ගැනීම” නමැති ගෝලීය සංවාදය කොලොම්බියාවේ දී
“මෙක්සිකෝ බොක්ක” නැවත නම් කිරීම සම්බන්ධයෙන් Google සමාගමට එරෙහිව නඩු පැවරිය හැකියි– මෙක්සිකෝ ජනපති