14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ තුන්වැනි සැසිවාරය ඇරඹේ

{"ARInfo":{"IsUseAR":false},"Version":"1.0.0","MakeupInfo":{"IsUseMakeup":false},"FaceliftInfo":{"IsChangeEyeLift":false,"IsChangeFacelift":false,"IsChangePostureLift":false,"IsChangeNose":false,"IsChangeFaceChin":false,"IsChangeMouth":false,"IsChangeThinFace":false},"BeautyInfo":{"SwitchMedicatedAcne":false,"IsAIBeauty":false,"IsBrightEyes":false,"IsSharpen":false,"IsOldBeauty":false,"IsReduceBlackEyes":false},"HandlerInfo":{"AppName":2},"FilterInfo":{"IsUseFilter":false}}

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ තුන්වැනි සැසිවාරය අද(5) පෙරවරු 9ට බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී ආරම්භ විය.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහා ලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කමිටු සභාපති ෂී ජින්පිං මහතා ඇතුළු රාජ්‍ය හා පක්ෂ නායකයෝ එම අවස්ථාවට එක් වූහ. සමාරම්භක රැස්වීමේදී චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කළේය.

ගෙවී ගිය වසර තුළ අසීරු දෙස් විදෙස් තත්ත්වය හමුවේ ෂී ජින්පිං  කේන්ද්‍ර කර ගත් චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රධානත්වය යටතේ චීන ජනතාව අසීරුතා අභිබවා ආර්ථිකය යහපත් ලෙස වර්ධනය කිරීමට සමත්ව තිබේ. 2024 වසරේ ආර්ථික හා සමාජීය සංවර්ධන ප්‍රධාන ඉලක්ක සම්පූර්ණ කර ඇති අතර අධි ගුණාත්මක භාවයෙන් යුතු සංවර්ධනය හා නව ගුණාත්මක ඵලදායිතාව ස්ථීර ලෙස වර්ධනය වී තිබේ. ආර්ථික, විද්‍යා හා තාක්ෂණ යනාදී ක්ෂේත්‍ර අඛණ්ඩව සංවර්ධනය වීමත් සමග චීන මාදිලියේ නවීකරණය නව දැවැන්ත ප්‍රගතියක් ලබා ගෙන තිබේ.

රාජ්‍ය කාර්ය වාර්තාව අනුව, 2024 වසරේ චීනයේ ආර්ථික ධාරිතාව ස්ථාවර ව ව්‍යාප්ත විය. දළ දේශීය නිෂ්පාදිත වටිනාකම යුවාන් ට්‍රිලියන 134.9 දක්වා වැඩි වූ අතර වර්ධන අනුපාතය සියයට 5කි. එම අනුපාතය ලොව ප්‍රධාන ආර්ථිකයන් අතරින් ප්‍රමුඛ ස්ථානයක පසු වේ. චීන ආර්ථික වර්ධනය ගෝලීය ආර්ථික වර්ධනයට දායක වන සියයට 30ක පමණ අනුපාතය අඛණ්ඩව පවත්වා ගෙන යාමට හැකිව  තිබේ.

රටේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය නව ජයග්‍රහණ අත්පත් කර ගෙන ඇත. චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ දෙවන සහ තුන්වන පූර්ණ සැසිවාරයන් හි ප්‍රතිසංස්කරණ විධිවිධාන ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම මගින්, රටේ ආයතනික ප්‍රතිසංස්කරණ සම්පූර්ණ වී ඇත. එමෙන්ම, ඒකාබද්ධ ජාතික වෙළඳපොළක් ගොඩනැගීම, ව්‍යවස්ථාපිත විශ්‍රාම යාමේ වයස ක්‍රමයෙන් ප්‍රමාද කිරීම ඇතුළු ප්‍රධාන ප්‍රතිසංස්කරණ පියවර හඳුන්වා දී ඇත. ඊට අමතරව, නිෂ්පාදන කර්මාන්තයේ විදේශ ආයෝජන ප්‍රවේශය සඳහා ඇති සියලුම සීමාවන් ඉවත් කර තිබේ. “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ ඒකාබද්ධව ගොඩනැගීමේ දී වෙළෙඳ ආයෝජන සහයෝගීතා වඩා පුළුල් වී ඇති අතර අඛණ්ඩව වැඩිදියුණු වෙමින් පවතී.

2025 වසර, චීනයේ 14 වැනි පස්අවුරුදු සැලැස්මේ අවසන් වසරයි. රාජ්‍ය කටයුතු මනා ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ශක්තිමත් නායකත්වය යටතේ, සංවර්ධනය ස්ථාවර ව ඉදිරියට ගෙන යමින් අංගසම්පූර්ණ නව සංවර්ධන සංකල්පය නිවැරදිව ක්‍රියාත්මක කරමින් නව සංවර්ධන ව්‍යුහයක් ගොඩනැගීම කඩිනම් කළ යුතුය. ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය ප්‍රායෝගිකව ප්‍රවර්ධනය කරමින් ප්‍රතිසංස්කරණ තවදුරටත් පුළුල් කරමින් ඉහළ මට්ටමේ විවෘතභාවය ව්‍යාප්ත කිරීමෙහි නියැළී සිටිය යුතුය. නවීන කර්මාන්ත පද්ධතියක් ස්ථාපිත කරමින් සංවර්ධනය හා ආරක්ෂාව වඩාත් යහපත් ලෙස සම්බන්ධීකරණය කර සක්‍රීය මෙන්ම ඵලදායික සාර්ව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතු ය. දේශීය අවශ්‍යතා ව්‍යාප්ත කරමින් විද්‍යා හා තාක්ෂණ නවෝත්පාදනය සහ කර්මාන්ත නවෝත්පාදනය ඒකාබද්ධව සංවර්ධනය කිරීම ප්‍රවර්ධනය කළ යුතු ය. නිශ්චල දේපළ හා කොටස් වෙළඳපොල ස්ථාවරත්වය සහතික කර ජනතාවගේ ජීවිත මට්ටම අඛණ්ඩව ඉහළ නංවමින් සමාජීය සුසංගතභාවය හා ස්ථාවරත්වය පවත්වා ගෙන යා යුතු ය. 14 වැනි පස්අවුරුදු සැලැස්මේ ඉලක්කයන් ඉහළ ගුණාත්මකභාවයෙන් යුතුව සම්පූර්ණ කරමින් රටේ 15 වැනි පස්අවුරුදු සැලැස්ම වෙනුවෙන් යහපත් ආරම්භයක් ලබා ගැනීම සඳහා ප්‍රබල පදනමක් ගොඩනැගිය යුතු බව ද එහිදී ප්‍රකාශ කෙරිණ.

2025 වසරේ  චීනයේ දළ දේශීය නිෂ්පාදිතයේ 5% ක වර්ධනයක් අපේක්ෂා කරන බව රාජ්‍ය කාර්ය වාර්තාව සඳහන් කරයි. නාගරික ප්‍රදේශයේ සමීක්ෂණයට ලක් විරැකියා අනුපාතය 5.5% ක මට්ටමේ පවත්වා ගැනීම, නව නාගරික රැකියා අවස්ථා මිලියන 12කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කිරීමට අපේක්ෂිත බව ද එහි සඳහන් වේ. මෙම වසරේ පාරිභෝගික මිල දර්ශකයේ 2%ක පමණ වර්ධනයක් අපේක්ෂා කෙරේ. පුරවැසියන්ගේ ආදායම ජාතික ආර්ථික වර්ධනයට සමගාමීව වැඩි වීම, චීනයේ ජාත්‍යන්තර ගෙවීම් ශේෂය මූලික වශයෙන් සමතුලිතව පවත්වා ගැනීම, ධාන්‍ය නිෂ්පාදනය ටොන් කෝටි 70ක් දක්වා ළඟා වීම මෙන්ම දළ දේශීය නිෂ්පාදිතයේ ඒකකයකට බලශක්ති පරිභෝජනය 3% කින් අඩු වීම සහ පරිසරයේ ගුණාත්මකභාවය අඛණ්ඩව වැඩිදියුණු වීම ද මෙම වසරේ  ප්‍රධාන අපේක්ෂිත සංවර්ධන ඉලක්ක අතර ඇත.

2025 වසරේ වඩාත් ක්‍රියාශීලී මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරමින් යුවාන් ට්‍රිලියන 1.3ක දිගුකාලීන විශේෂ රාජ්‍ය බැඳුම්කර නිකුත් කිරීමට සැරසේ. නිසි හා සුදුසු මට්ටමක සැහැල්ලු මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවමින් සංචිත මුදල් අනුපාතය හා පොලි අනුපාතය නිසි කාලීනව පහල දමමින්, නිශ්චල දේපළ වෙළඳපොල හා කොටස් වෙළඳපොල යහපත් ලෙස වර්ධනය වීම ප්‍රවර්ධනයට පියවර ගැනේ. පැරණි පරිභෝජන භාණ්ඩවල සිට නව භාණ්ඩ වෙත විතැන් වීම වෙනුවෙන් චීන යුවාන් බිලියන 300ක දිගුකාලීන විශේෂ රාජ්‍ය බැඳුම්කර නිකුත් කිරීමට නියමිත ය. නිවාඩු ක්‍රමය ප්‍රශස්ත කිරීම මගින් පරිභෝජන විභවය මුදා හැරීමට අපේක්ෂා කෙරේ. විවිධ ප්‍රදේශයන්හි තත්ත්වයන්ට අනුව නව ගුණාත්මක ඵලදායිතාව සංවර්ධනය කෙරේ. අනාගත කර්මාන්ත වෙත ආයෝජන වර්ධන ක්‍රමය ස්ථාපිත කරමින් ජෛව නිෂ්පාදන, ක්වොන්ටම් තාක්ෂණය, රොබෝ හා කෘත්‍රිම බුද්ධිය, සහ 6G ඇතුළු අනාගත කර්මාන්ත වර්ධනයට පියවර ගැනීමද මෙවර රාජ්‍ය කාර්ය වාර්තවේ සඳහන් වේ.

විවිධ ප්‍රදේශවල තත්ත්වයන්ට අනුකූලව නව ගුණාත්මක ඵලදායීතාව සංවර්ධනය කිරීමට සහ නවීන කාර්මික පද්ධතියක් ගොඩනැගීම වේගවත් කිරීමට මෙම වසරේ අවධානය යොමු කළ යුතුය. විද්‍යාත්මක හා කාර්මික නවෝත්පාදනවල ඒකාබද්ධ සංවර්ධනය, නව කාර්මිකකරණය, උසස් නිෂ්පාදන කර්මාන්තයේ සහ නවීන සේවා කර්මාන්තයේ සංවර්ධනය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට පියවර ගැනේ.  ඩිජිටල් ආර්ථිකයේ නවෝත්පාදන ජීව ශක්තිය උත්තේජනය කිරීම සඳහා නැගී එන කර්මාන්ත සහ අනාගත කර්මාන්ත ප්‍රවර්ධනය කළ යුතුය. මෙඅතර රටේ සාම්ප්‍රදායික කර්මාන්ත පරිවර්තනය හා වැඩිදියුණු කිරීම වැදගත් කොට සැලකිය යුතු බව ද රාජ්‍ය කාර්ය වාර්තාව පෙන්වා දෙයි.

ඉහල මට්ටමේ විවෘතභාවය පුළුල් කරමින් විදේශ වෙළඳාම හා විදේශ ආයෝජනය ස්ථාවර මට්ටමක පවත්වා ගෙන යාමට පියවර ගනු ඇතැයි ද අග්‍රමාත්‍ය Li Qiang මහතා ඉදිරිපත් කළ රාජ්‍ය කාර්ය වාර්තාවේ දැක්වේ. ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවද විවෘතභාවයේ ප්‍රතිපත්තීන්හි නොසැලී නියැළී සිටිමින් ආයතනික විවෘතභාවය ස්ථාවරව පුළුල් කළ යුතුය. ස්වයං විවෘතභාවය හා ඒකපාර්ශ්වික විවෘතභාවය ක්‍රමානුකූලව සිදු කෙරේ. එසේම විවෘතභාවයෙන් රටේ ප්‍රතිසංස්කරණ හා සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ.

විදේශ වෙළඳාමේ වර්ධනය ස්ථාවර ව පවත්වා ගෙන යාමට උත්සාහ කරමින්, විදේශ ආයෝජනය මුළුමනින්ම දිරිගැන්වීමට පියවර ගත යුතුය. ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ පොදු සංවර්ධනය ඉදිරියට ගෙන යමින් බහුපාර්ශ්වික හා ද්විපාර්ශ්වීය කලාපීය ආර්ථික සහයෝගතා අඛණ්ඩව ශක්තිමත් කිරීමට කටයුතු කළ යුතුය.

මෙවර රාජ්‍ය කාර්ය වාර්තාවෙහි 2025 වසරේ චීන රජයේ ප්‍රධාන කාර්යයන් 10ක් ඉදිරිපත් කර ඇත. 

ඒ අනුව චීන රජය පරිභෝජනය ප්‍රබල ලෙස ඉහළ නංවමින් ආයෝජන ප්‍රතිලාභ වැඩිදියුණු කරමින් දේශීය ඉල්ලුම සම්පූර්ණයෙන්ම පුළුල් කිරීමට පියවර ගනු ඇත. විවිධ ප්‍රදේශයන්හි සැබෑ තත්වයන්ට අනුව නව ගුණාත්මක ඵලදායිතාව සංවර්ධනය කරමින් නවීන කාර්මික පද්ධතියක් ගොඩනැගීම කඩිනම් කෙරේ. විද්‍යාව හා අධ්‍යාපනය වර්ධනය කිරීමෙන් රට පුනර්ජීවනය කිරීමේ උපායමාර්ගය ගැඹුරින් ක්‍රියාත්මක කරමින් ජාතික නවෝත්පාදන පද්ධතියේ කාර්යක්ෂමතාව හා ඵලදායිතාව වැඩිදියුණු කෙරෙනු ඇත. සංකේතාත්මක ප්‍රධාන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කඩිනම් කරමින් ආර්ථික ක්‍රමවේද ප්‍රතිසංස්කරණ මෙහෙයවීමේ කාර්යභාරය මනාව ඉටු කළ යුතුය.  ඉහළ මට්ටමේ විවෘතභාවය පුළුල් කරමින් විදේශ වෙළඳාම සහ විදේශ ආයෝජන ස්ථාවර කිරීමටද පියවර ගත යුතුය. ප්‍රධාන ක්ෂේත්‍රවල අවදානම් නිරාකරණය කරමින්, පද්ධතිමය අවදානම් සිදුවීම මුළුමනින්ම වළක්වා ගත යුතුය. ” කෘෂිකර්මාන්ත, ග්‍රාමීය හා ගොවීන් ” සම්බන්ධ කටයුතු කෙරෙහි අවධානය යොමු කරමින් ග්‍රාමීය පුනර්ජීවනය තවදුරටත් ප්‍රවර්ධනය කෙරේ. නව නාගරීකරණය සහ කලාපීය සම්බන්ධීකරණ සංවර්ධනය ප්‍රවර්ධනය කෙරෙන අතර සංවර්ධන රටාව තවදුරටත් ප්‍රශස්ත කිරීමට ප්‍රයත්න දැරිය යුතුය. කාබන් විමෝචනය හා දූෂණය අඩු කරමින් හරිත වර්ධනය ඒකාබද්ධව ප්‍රවර්ධනයට ක්‍රියා කරමින් ආර්ථික හා සමාජීය සංවර්ධනයේ හරිත පරිවර්තනය කඩිනම් කිරීමට ක්‍රියා කළ යුතුය. ජීවනෝපාය සහතික කිරීම සහ වැඩිදියුණු කිරීම ශක්තිමත් කරමින් සමාජ පාලනයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා චීන රජය පියවර ගත යුතු බව ද එහිදී සඳහන් වී තිබේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com