අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග 32 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ වව්නියාව නැදුන්කර්ණී සේනපිලව් ප්‍රදේශයේ දීි.
පුපුරණ ද්‍රව්‍ය ජාවාරමක් පිළිබද ලද තොරතුරක් මත නැදුන්කර්ණී පොලිසිය වැටලීම සිදු කලා.
එහිදී සැකකරු සතුව තිබී ටී එන් ටී වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 21 යි ග්‍රෑම් 635 ක්, පී ඊ එක වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් එකයි ග්‍රෑම් 610 ක් සහ පුද්ගල නාශක බෝම්බ හා කොටස් 150කට ආසන්න ප්‍රමාණයක් පොලිසිය භාරයට ගෙන තිබෙනවා.
එම පුද්ගල නාශක බෝම්බ අතරින් 22 ක් සජීවී මට්ටමේ පවතින බව ද පොලීසිය සදහන් කලා.
වැඩිදුර විමර්ශණ කොළඹ ත්‍රස්ත විමර්ශණ ඒකකය මගීන් ක්‍රියාත්මකයි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ