ලබන 16 වැනිදාට පෙර වනජීවී නිළධාරීන්ට එන්නත් ලබාදීමට කටයුතු නොකන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට සමස්ත ලංකා වනජීවී නියාමක නිළධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ජුලි 16 වැනිදා දක්වා බළධාරීන්ට කාලය ලබාදෙන බවත්, බළධාරීන් තම ඉල්ලීම් පිළිබඳව අවධානය යොමු නොකරන්නේ නම් 17-18 දිනවලදී සියලු රාජකාරිවලින් ඉවත් වී වර්ජනයක නිරත වන බවත් එම සංගමය වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිඛිතව දැනුම් දී තිබෙනවා.
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ අලිවාඩිය වනජීවී අඩවි කාර්යාලයේ නිලධාරීන්ට කොවිඩ් ආසාධනය වීම හේතුවෙන් එම කාර්යාලය මේ වනවිට වසා දමා ඇතැයි තිබෙනවා.
වනජීවී නිළධාරීන්ට එන්නත් ලාබදීමේ කටයුතු සූදානම්ව පැවතියද දිවයින පුරා ආවරණය වන පරිදි එය ක්‍රියාත්මක නොවන බවයි වනජීවි නියාමක සංගමය පෙන්වා දෙන්නේ.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ