රුපියල් හය කෝටියකට වැඩි මුදලක් අවභාවිතා කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති මනිලාල් ප්‍රනාන්දු මහතා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ( කෝප්) ලබන 6 වෙනිදා කැඳවා ඇතැයි එම කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.
ඉතාලි පාපන්දු ක්‍රිඩකයන්ගේ සංගමය පරිත්‍යාග කළ රුපියල් ලක්ෂ 60ක මුදලක් හිටපු සභාපති වරයා සිය පෞද්ගලික ගිණුමකට බැර කරගෙන ඇති බවටත් පරිත්‍යාග ලෙස ලැබුණු තවත් රුපියල් පන් කෝටියකට වැඩි මුදලක් අවභාවිතා කර ඇති බවටත් විගණන වාර්තා මගින් තොරතුරු හෙළිවී ඇතැයි ද කෝප් කමිටු සභාපතිවරයා කීය.
මේ දූෂණ වංචා සම්බන්ධයෙන් මනිලාල් ප්‍රනාන්දු මහතාගෙන් දීර්ඝව කරුණු විමසීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.
මෙයට අමතරව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ වර්තමාන ප්‍රධානීන් ද පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ලබන 6 වැනිදා කැඳවීමට එම සභාව තීරණය කර ඇත.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට ඉකුත් 22 දා කැඳවා තිබුණද වර්තමාන සභාපතිවරයා එම රැස්වීමට පැමිණ සිටියේ නැත.
මේ අතර චිත්‍රපට සංස්ථාවේ ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට ලබන 5 වැනි දා කැඳවීමට නියමිතව තිබුණත් එය පසුවට කල් දමා ඇතැයි එම කමිටු ආරංචි මාර්ග සඳහන් කරයි.
කෝප් කමිටුව ලබන සතියේ දී එක් දිනක් පමණක් රැස් වීමටද තීරණය කර ඇත .
- Lanakadeepa news
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්