කොළඹ, ගම්පහ, කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල 20ත් 29ත් අතර වයස් කාණ්ඩයට එන්නත්කරණය හෙට සිට ආරම්භ වනවා.
කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ එම දිස්ත්‍රික්කවල දැනට එන්නත්කරණය සිදු කරන ස්ථානවලදීම එන්නත් ලබා දෙන බවයි.
එම ස්ථානවලට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ විහාරමහාදේවි උද්‍යානය, දියත උයන, පනාගොඩ යුද හමුදා කඳවුර සහ වේරහැර යුද හමුදා වෛද්‍ය බලකා මූලස්ථානය යන ස්ථාන වලදී ද අදාල වයස් කාණ්ඩයට එන්නත ලබාගැනීමේ හැකියාව පවතිනවා.
හෙට සිට ආරම්භ වන මෙම වැඩසටහන යටතේ එම දිස්ත්‍රික්ක වල පදිංචිකරුවන්ට පමණක් එන්නත ලබා දීම සිදු වනු ඇති.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්