19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය බටහිර ඉන්දීය කොදෙව් දූපත් හිදී අද ආරම්භවීමට නියමිතයි.
තරගාවලියේ ඒ කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා පිල සත්කාරක කොදෙව් පිල , ඔස්ට්‍රේලියාව සහ ස්කොට්ලන්තය සමග තරග වැදීමට නියමිතව තිබේ.
තරගාවලිය සමාරම්භය සනිටුහන් කරමින් අද දිනයේදී සත්කාරක කොදෙව්වන් සහ ඔස්ට්‍රේලියාව තරග වදිනු ඇත.
අද දිනයේ දෙවැනි තරගය වශයෙන් ශ්‍රී ලංකාව තරග වදින්නේ ස්කොට්ලන්තය සමගයි.
17 වැනි දා ඔස්ට්‍රේලියාවට එරෙහිව තරග වදින ශ්‍රී ලංකාව 21 වැනි දා මූලික වටයේ අවසන් තරගයට එක් වන්නේ සත්කාරක කොදෙව්වන්ට එරෙහිවයි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි