20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වී ඇති පෙත්සම් අද (29) දිනයේ සලකා බැලීමට නියමිතව තිබේ.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් සලකා බැලීමට නියමිතය.
අගවිනිසුරුවරයාට අමතරව බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන විනිසුරුවරුන් මෙම පංච පුද්ගල විනිසුරු මඩුල්ලට ඇතුළත් වේ.
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 39ක් ගොනුකර තිබෙනවා.
පෙත්සම් සළකා බැලීම ආරම්භ කර දින 21ක් තුළ ඒහි තීන්දුව ලබාදීම සාමාන්‍ය සම්ප්‍රදායයි.
මේ අතර මෙම පෙත්සම් සදහා අතරමැදි පාර්ශවකරුවෙකු ලෙස අද දිනයේදී ඉදිරිපත් වන බවයි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සදහන් කළේ.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව