වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය, නව ශ්‍රවණාගාරය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය, රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) පැවැති අතර ඊට සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාද එක්ව සිටීම විශේෂ සිදුවීමක් විය.
මෙම වැඩසටහනෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු පැවසුවේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් කරුණුවලට එකග වුවද එහි පවතින බහුතර
කරුණුවලට තම කණ්ඩායමට එකග විය නොහැකි බවයි.
ආණ්ඩුවේ කිසිදු පාර්ශවයක් මෙතෙක් තම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සමග සාකච්ඡා කර නොමැති බවත් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ තීරණය අනුව 20වන ව්‍යවස්ථා සංශෝධනයට සහය දැක්වීම පිළිබද සලකා බලන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
මෙම අවස්ථාවට ආණ්ඩුකාරවරු වන අනුරාධා යහම්පත්, මහීපාල හේරත්, පී.එච්.එම්. චාර්ල්ස් යන මහත්ම මහත්මීන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන කාදර් මස්තාන්, සෙල්වම් අඩ්ක්කලනාදන්, ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න යන මහත්වරු ඇතළු පිරිසක් සහභාගී වී සිටියහ.
More Stories
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම