ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පත්වීම සඳහා නව ව්‍යවස්ථාවෙන් ලබාදෙන අවසරය අනුව නුදුරේදීම චීන ජාතිකයින් ද මෙරට ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරනු ඇති බවත්, කොහොමත් මේ රට චීන කොළනියක් වෙමින් පවතින බවත් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි පවසයි.
“අපට තියෙන ගැටළුව තමයි 17ට අත ඉස්සුවා, 17ට අත උස්සපු අය 18ට අත ඉස්සුවා. 18ට අත උස්සපු අයම 19ට අත ඉස්සුවා. දැන් ඒගොල්ලොම 20ටත් අත උස්සන්න ලෑස්ති වෙනවා. ඉස්සර ගමනෙම යන්න කවුරුහරි මේ ජනවරමත් එක්ක මහන්සි ගන්නවා නම් ඒක ඓතිහාසිකව කරගන්න වරදක්.
දෙමළ කොටි ඩයස්පෝරාවක් ගොඩනැඟෙමින් තියෙනවා. ඒගොල්ලොත් විශාල වශයෙන් ඉල්ලීම් කරලා තියෙනවා ද්විත්ව පුරවැසිභාවය ලබාගන්න. ඉතිං ඒගොල්ලොන්ටත් පුළුවන් ප්‍රභාකරන්ට කරගන්න බැරිවුණු දේ ව්‍යවස්ථාදායකය තුළ තමන්ගෙ ශක්තිය ගොඩනඟාගන්න.
මේ රට ගැන මෙච්චර ආදරයක් තියෙනවා නම් කාටහරි මේ රටේ දේශපාලනය කරන්න ඇයි පුරවැසිභාවය අයින් කරගෙන ඒක කරන්න බැරි ?
ඥානසාර හිමි මේ බව පැවසුවේ ඊයේ (17) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්