පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇති 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රශ්න ගණනාවක් ඇති බව එම පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර පවසයි.
නමුත් එම ගැටළු ප්‍රසිද්ධියේ කතා කරා ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමට කටයුතු කරන්නේ නැති බවද ඔහු කියා සිටියි.
පක්ෂයක් ලෙස 20 වන සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනා අදහස් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ලිඛිතව ලබාදීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.
ඊයේ (25) ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 69 වන සැමරුමට එක්වෙමිනි.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂයක් ලෙස ශක්තිය දිය යුතු බවද මහලේකම්වරයා තවදුරටත් එහිදී කියා සිටියේය.
මේ ගමන අසීරු ගමනක් බවත් එහිදී ඇමති ධුර, මන්ත්‍රී ධුර, සංවිධායක ධුර අහිමි වුවද අභියෝගයට මුහුණ දීමට සූදානම් යයිද පැවසු ශ්‍රීලනිප මහ ලේකම්වරයා, සියල්ලට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළි දේශපාලනික වශයෙන් සවිබල ගැන්වීම යුගයේ ඓතිහාසික යුග මෙහෙවර බවද අවධාරණය කර සිටියේය.
ඒ සඳහා ගමින් ගමට ගොස් පක්ෂය පනගැන්වීම සියලුම සංවිධායකයින්ගේ වගකීම බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව