20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට අද (22) ඉදිරිපත් කෙරෙනවා.
අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා විසින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
ඊයේ පස්වරුවේ කැබිනට් මණ්ඩලය සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවති අතර එහිදී 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව මහින්ද අමරවීර අමාත්‍යවරයා සඳහන් කළේය.
පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පැවසුවේ 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු, ඕනෑම පුරවැසියෙකුට දින හතක් ඇතුළත ඊට එරෙහිව පෙත්සමක් ගොනු කිරීමට අවස්ථාව පවතින බවයි. ඒ, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝග කිරීමටයි.
එලෙස අභියෝග නොකරන්නේ නම් 20 වන සංශෝධනය දින 7 කට පසු පාර්ලිමේන්තුවේදී 2 වන වර කියවීමේ විවාදයට ගත හැකි වනවා.
එහෙත් කිසියම් පාර්ශ්වක් අදාල කාලය තුල 20 වන සංශෝධනය අභියෝගයට ලක් කරන්නේ නම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම ඉදිරිපත් කළ දින සිට දින 21ක් ඇතුළත සිය තීරණය ඉදිරිපත් කළ යුතුයි.
අදාළ කාල සීමාව තුළ මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගැනීමට පාර්ලිමේන්තුවට අයිතියක් හිමි වන්නේ නැහැ.
ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණය ලබා දීමෙන් පසු, 20 වන සංශෝධනය 2 වන වර කියවීමේ විවාදය සඳහා ගත හැකි වන අතර එහිදී එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත විය යුතුයි. ඉන්පසු 03 වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේදී 20 වන සංශෝධන පනතේ සියලූම වගන්ති එකින් එක සලකා බැලෙනු ඇති. එහිදී 20 වන සංශෝධන කෙටුම්පතට ඕනෑම සංශෝධනයක් යෝජනා කිරීමටද අවස්ථාව පවතිනවා.
පනත් කෙටුම්පතේ 03 වන වර කියවීමේ විවාදය අවසානයේ ද ජන්ද විමසීමක් පැවැත්වෙන අතර එහිදී ද එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත විය යුතු වනවා. ඉන් අනතුරුව කථානායකවරයා අදාළ පනතට අත්සන් තැබූ පසු එය පිළිගත් නීතියක් බවට පත්වනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්