20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ප්රජාතන්ත්ර විරෝධි බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි.
ඔහු මේ අදහස් පළකළේ අද කොළඹදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී.
පසුගිය අගෝස්තු 28 ගැසට් කළ කෙටුම්පතට සමාජයෙන් විරෝධයක් ඉදිරිපත් වූ බවත් අවසානයේ 20 වන සංශෝධනය සැකසුවේ කවුරුන් දැයි කියා ඉදිරිපත් වීමට නොහැකි තරමට එය සැකසූ පුද්ගලයින් බිය වී ඇති බවත් ය.
”20 ලිව්ව මිනිහෙක් හොයා ගන්න නෑ. අධිකරණ ඇමතිගෙන් අහනවා ඔබ ද ලිව්වෙ කියලා එයා කියනවා එයා නෙවෙයි කියලා, ජී.එල්. පීරිස් මහත්තයගෙන් ඇහුවම ඔහු කියනවා. ඔහු නෙමෙයි කියලා, අන්තිමට 20 ලිව්වෙ එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් ද කියන සැකය පවා දැන් මතු වෙලා තියෙනවා. ඇත්තටම බලන්න ඕන කවුද මේක ලිව්වෙ කියලා”
20 ව්‍යවස්ථා කෙටුම්පත ප්රජාතන්ත්ර විරෝධි රට අවුරුදු 40ක් ආ පස්සට ගෙන යාමට දරන උත්සාහයක් බවත් සාමජයෙන් එල්ල වූ විචේචන හමුවේ, 20 ලියපු අය හැංඟෙන මට්ටමට පත්වූ බව ද ඔහු එහිදී වැඩිදුරටත් පැවසී ය.
ඉදිරිපත් වූ දිනයේම කැබිනට් මණ්ඩලයේ අනුමත වීමෙන් පසු කෙටුම්පත පිළිබඳ අධ්‍යනය කිරීමට කමිටුවක් පත් කිරීම විහිළු සහගත ක්‍රියාවක් බව ද රත්නායක මහතා එහිදී වැඩිදුරටත් සිහිපත් කර සිටියේ ය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්