විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පළමුවර කියවීම සඳහා ලබන 22 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා පවසයි.
එතැන් සිට දින 07 ක කාලයක් තුළ එම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අවස්ථාව හිමිවන අතර එසේ යම් පාර්ශ්වයක් අධිකරණයට ගියහොත් අධිකරණයෙන් අවසන් තීරණය ලැබීම සඳහා සති තුනක කාලයක් තිබේ.
ඉන් අනතුරුව කෙටුම්පත දෙවැනි වර කියවා විවාදයට ගැනීමට නියමිත අතර විවාදයෙන් අනතුරුව ඡන්ද විමසීම පැවැත්වේ.
මෙම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකකට වැඩි පිරිසක් පක්ෂව ඡන්දය ලබාදිය යුතු වේ.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්