ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද(10) ආරම්භ වුණු 20 – 20 තරගාවලියේ පළමු තරගය ලකුණු 28 කින් ජයග්‍රහනය වාර්තා කරන්න දකුණු අප්‍රිකානු පිල සමත් වුණා.
අද කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා.
දකුණු අප්‍රිකානු පිල නියමිත පන්දු ඕවර 20 අවසානයේදී කඩුළු 5ක් දැවී ලකුණු 163ක් රැස් කරගත්තා. දකුණු අප්‍රිකාව වෙනුවෙන් ඒඩින් මැක්රම් ලකුණු 48ක් හා රීසා හෙන්ඩ්‍රික්ස් ලකුණු 38ක් රැස් කරගත්තා. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් පෑ වනිදු හසරංග අප්‍රිකානු පිලේ කඩුලු දෙකක් දවාගත්තේ ලකකුණු 23ක් ලබා දෙමින්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු ඕවර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුනු 134ක් පමණයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ දිනේශ් චන්දිමාල් නොදැවී ලකුණු 66 රැස් කළා. චාමික කරුණාරත්න නොදැවී ලකුනු 22යි.
ඒ අනුව තරග 3කින් සමන්විත තරගාවලියේ තරග 3/1 ක් ලෙස දකුණු අප්‍රිකානු කණ්ඩායම ඉදිරියෙන් සිටිනවා.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි