පොහොර සමාගම් සතුව ඇති රසායනික පොහොර තොග වහාම ගොවීන් වෙත නිකුත් කිරීමට කටයුතු නොකරන්නේ නම් සඳුදා වනවිට එම පොහොර තොග රාජසන්තක කරන බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි.
“රසායනික පොහොර ආනයනය කරන කොම්පැනි, පෞද්ගලික ආයතනවල ගබඩා බලන්න ගියා. මේ රාජ්‍ය ඇමතිවරු ගිහිල්ලා ගබඩා බලන්න ඕනෙ නෑ. අද රජය අපහසුතාවයට පත් කරන්න, ඔබතුමාලා දකින්න ඇති රූපවාහිනිය හරහා, අට්ටි ගහලා ගොඩගහලා තියෙනවා. අට්ටි ගහලා ගෝනි ගණං ගහලා තියෙනවා. මේගොල්ලන් බලාපොරොත්තු වුණේ නෑ අපි ඒවි කියලා ඒ මොහොතේ.
හැබැයි මෙහෙම කටයුතු කිරීමේදී අපටත් මොනතරම් අප්‍රසන්න වුණත් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න වෙනවා. හෙට වෙනකොට මේවා එළියට දාලා අපේ ගොවියන්ට නොදුන්නොත් සඳුදා වෙනකොට අපි සියල්ලම රාජසන්තක කරන්න බලාපොරොත්තු වෙනවා. සියලුම පොහොර ටික අපි අරගෙන අපේ ගොවි ජනතාවට දෙන්න බලාපොරොත්තු වෙනවා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
කාබනික පොහොර රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (16) මොණරාගල ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.
———–LankaNewsWeb———
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ