ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගයේ ජය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 8 ක් දැවී ලකුණු 81 ක් ලබා ගැනීමට සමත් වුණා.
මෙම ලකුණු සංඛ්‍යාව වාර්තා පොත් අතරට එක් වන්නේ ඉන්දීය කණ්ඩායමක් විස්සයි විස්ස තරගයක ලබාගත් දෙවන අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
ඉන් පසු පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම 14 වන පන්දුවාරයේදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.
ඒ අනුව තරඟ දෙකට එකක් ලෙස සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
මෙය වාර්තා වන්නේ ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව විස්සයි විස්ස තරඟාවලි ජයක් ලබාගත් පළමු අවස්ථාව ලෙසයි.
2019 ඔක්තෝම්බර් මාසයේදි පාකිස්තානයේදි පාකිස්තානයට එරෙහිව ලැබු තරගාවලි ජයග්රහණයෙන් අනතුරුව ලැබු පළමු තරගාවලි ජය ද මෙයයි.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්