2019 උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඉදිරි දෙසතිය ඇතුළත නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, මේ වනවිට එම ප්‍රතිඵල අවසන් අදියරේ නීරීක්ෂණය කරමින් සිටින බවයි.
මේ අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පැවසුවේ, නැවත සමීක්ෂණ ප්‍රතිඵල ලබා දෙන තෙක් මෙවර විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා සිසුන්ගේ කඩඉම් ලකුණු ප්‍රකාශයට පත් කිරීමට නොහැකි වී ඇති බවයි.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි