දේශපාලනඥයන්ට පුද්ගලික න්‍යාය පත්‍ර තිබිය නොහැකි බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.
රට ආපස්සට ගමන් කරන්නේ, ජනතා ඡන්දයෙන් බලයට පත්වන දේශපාලනඥයන් රටේ න්‍යාය පත්‍රය, ජනතාවගේ න්‍යාය පත්‍රය පසෙක තබා තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර අනුව වැඩ කිරීම නිසා බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
වත්මන් ආණ්ඩුව හරියට ක්‍රියාත්මක නොවුනොත් ඊළඟ මැතිවරණයේදී ජනතාව දරුණු තීරණයක් දිය හැකි යැයිද පැවසූ ඔහු 2020 දී ලබා ගත් ජයග්‍රහණය 2025 මැතිවරණයේදී කණපිට හැරීමේ අවස්ථාවක් ඇති බවද සඳහන් කළේය.
2010 දී ලබාගත් ජයග‍්‍රහණය 2015 කණපිට හැරුණු බවත් 2015 දී ලබා ගත් ජයග්‍රහණය 2020දී කණපිට හැරුන බවත් ඔහු පෙන්වා දුන්නේය.
උත්සව සභාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්