2020 වසරේ 03 වැනි පාසල් වාරය අදින් අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
නව පාසල් වාරය ලබන ජනවාරි මස 11 වෙනිදා සිට ආරම්භ කිරීමට නියමිත බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා.
ඒ අනුව සියලු පාසල්වල සෑම ශ්‍රේණියකම සිසුන්ට එදිනට පාසල් ඇරඹෙන බවයි එම නිවේදනයෙන් සඳහන් වන්නේ.
එමෙන්ම මෙම වර්ෂය අවසන් වනවිට සියලුම සිසුන් ඊළඟ පන්තියට උසස් කළ යුතු බවත්, ඒ අනුව 2021 වර්ෂයේ නව පාසල් වාරයේ දී සිසුන් උසස් කරන ලද පන්තියේ ඉගෙනුම ලැබිය බවද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අධ්‍යාපන බලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව