2020 වසරේ සාගර වීරවරිය ලෙස ලාංකික සමුද්‍ර ජීව විද්‍යාඥවරියක වන ආශා ඩී වොස් මහත්මිය නම් කර තිබෙනවා.
ස්කූබා ඩයිවින් නම් සුප්‍රකට සගරාව විසිනුයි මෙම නම් කිරීම සිදුකර ඇත්තේ.
ශ්‍රී ලංකා මුහුදු තීරයේ සිටින නිල් තල්මසුන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ආශා ඩි වොස් මහත්මිය ඉටු කල සේවය පදනම් කරගෙනයි ඇය මෙම නම් කිරීමට ලක්වී ඇත්තේ.
ඒ වෙනුවෙන් ඇයට ඩොලර් 5000 ක ත්‍යාගයක් හිමිවන අතර සාගර ජීව විද්‍යාව හදාරන ලාංකික සිසුන් කිහිප දෙනෙකුට පර්යේෂණාත්මක අධ්‍යයනයක් සිදුකිරීම සඳහා එම මුදල යෙදවීමට නියමිතයි.
මීට සති කිහිපයකට පෙර පානදුර වෙරළ තීරයට තල්මසුන් පිරිසක් ගොඩ ගසා තිබූ අවස්ථාවේදී ඔවුන් යළි මුහුදට හරවා යැවීමේ කර්තව්‍යයටද සමුද්‍ර ජීව විද්‍යාඥ ආශා ද වොස් මහත්මිය කැපවී කටයුතු කරනු දක්නට ලැබුණා.


More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග