- වෘත්තීය පුහුණු සිසුන් සඳහා මාසික ශිෂ්‍යාධාර රු. 4000ක් ලබා දිමටත් මේ සඳහා අතිරේකව රුපියල් මිලියන 3000 ක් වෙන් කිරීමට යෝජනා කෙරේ
*. පෞද්ගලික අධ්‍යාපන ආයතන වලට වසර 5ක බදු විරාමයක්.
- හෙද විදුහල උපාධි ලබා දෙන උසස් අධ්‍යාපන ආයතනයක් ලෙසට උසස් කිරීමට යෝජනා කෙරේ
- දුරස්ථ අධ්‍යාපන ක්‍රමය නගා සිටුවීම සඳහා ගුරු ගෙදර අධ්‍යාපන වැඩසටහන් නැරඹීමට සිසුන්ට අවස්ථාව ලබා දීම සඳහා ග්‍රාමීය පාසල් සඳහා රූපවාහිනී යන්ත්‍ර ලබා දීම. ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 3000 ක් වෙන් කිරීමට යෝජනා කෙරේ.
සෞඛ්‍ය සේවා ආයෝජනය :
මාතෘ ළමා සායන, රසායනාගාර, රෝහල් සහ පර්යේෂණ ආයතන වැනි සෞඛ්‍යයට සම්බන්ධ ආයතන සඳහා අතිරේකව රුපියල් මිලියන 18,000 ක් වෙන් කිරීමට යෝජනා කෙරේ.
තාක්ෂණික :
*. සන්නිවේදන කුළුණු පිහිටුවීම සඳහා හඳුනාගත් රජයේ ඉඩම් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත පැවරිය යුතුය
*. ගාල්ල, කුරුණෑගල, අනුරාධපුර, මහනුවර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල තාක්ෂණික උද්‍යාන 05 ක් ඉදි කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 10,000 ක් වෙන් කිරීමට නියමිතය
*. තාක්ෂණික සේවාවන් පුළුල් කිරීමට රුපියල් මිලියන 8000ක් වෙන් කිරීමට යෝජනා
*. ග්‍රාමීය සන්නිවේදනය වැඩිදියුණු කිරීම ටෙලිකොම් ගිණුම සඳහා රුපියල් මිලියන 15,000ක ආයෝජනයක් සිදුකිරීමට යෝජනා කෙරේ. බ්‍රෝඩ්බෑන්ඩ් සේවා ශක්තිමත් කිරීමට මෙම අරමුදල යොදා ගැනීම සිදුකෙරේ.
ජාතික ආරක්ෂාව :
- ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීම, මෙරට මත්ස්‍ය සම්පත ආරක්ෂා කර ගැනීම සඳහා නාවික හමුදාව ශක්තිමත් කිරීම. යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ පහසුකම් වැඩි කිරීම සඳහා රුපියල් මිලියන 20,000ක් වෙන් කිරීමට යෝජනාවක්
- මහජන ආරක්ෂාව වෙනුවෙන් පොලිස් සේවය වැඩිදියුණු කිරීම. මත්ද්‍රව්‍ය පාලනය, මංකොල්ලකෑම් අපරාධ වැළැක්වීම සඳහා පුහුණු කිරීම, ප්‍රජා ආරක්ෂාව සඳහා රුපියල් මිලියන 2500ක අතිරේක අරමුදල් සැපයීමට යෝජනා කෙරේ
*සමෘද්ධි ජිවන ආධාර ගිණුම් ඇති කිරීමට යෝජනා කෙරේ. මේ මගින් සමෘද්ධි ලාභීන්ට ඉතුරු කිරීමේ හැකියාව ලැබෙනවා.
- ආදායම් බදු ගෙවීමේදී අසත්‍ය කරුණු පදනම් කර ගනිමින් වාර්තා සකස් කරනු ලබන පෞද්ගලික බදු උපදේශක සේවාවන් අවලංගු කිරීම සඳහා නව නීති ගෙන ඒමට යෝජනා කෙරේ
- කෘෂි කර්මාන්ත සහ ධිවර කටයුතු ආදායම් බදු මුදලින් නිදහස් කෙරේ
*. රුපියල් මි. 25ට වැඩි ආදායමක් උපයන ආයතන සඳහා ඇති 8% වැට් බදු එසේම පවතිනු ඇති.
- ජාතිය ගොඩනැගීමේ බද්ද ගෙවීමේදී සහන ක්‍රමයක් යෝජනා කරනවා.
- මත්පැන් / සිගරට් / දුරකථන/ සුදූ / මෝටර් රථ සඳහා වන නව ඔන්ලයින් බදු ක්‍රමයක් හඳුන්වා දීමට යෝජනා කරයි
- විනිවිදභාවයෙන් යුතු කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කරනවා.
- රාජ්‍ය ණය 90% සිට 70% දක්වා පහතට ගෙන ඒමට අපේක්ෂා කරනවා.
*. සියයට 6 ක ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව අගමැති පවසනවා.
*. 2021 වර්ෂය සඳහා වන අයවැය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කිරීම මේ වන විට සිදුකරමින් පවතිනවා.
2021 අයවැය කතාව සජීවී විකාශය
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්