ලබන වසර සඳහා වන අයවැය යෝජනා අද පස්වරු 1.40ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.
ඒ, අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින්.
2021 විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් 06 වැනිදා ගැසට් පත්‍රයේ පළ කළ අතර එය පසුගිය 20 වැනිදා අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
රාජ්‍ය සේවා වියදම් සඳහා රුපියල් බිලියන 2678 ක් වෙන් කිරීමටයි ඉන් යෝජනා කර ඇත්තේ.
ශ්‍රී ලංකාව තුළ හා ඉන් බැහැරව රුපියල් බිලියන 2900 ක සීමාවට යටත්ව ණය ලබා ගැනීමට ද විසර්ජන පනත මගින් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.
විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම හෙවත් අයවැය කතාව ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තුව අද පස්වරු 1.40 ට රැස්වීමට නියමිතයි.
මෙවර ඉදිරිපත් කෙරෙන්නේ මෙරට 75 වැනි අයවැය වාර්තාවයි.
හෙට සිට ලබන 21 වැනිදා දක්වා අයවැය දෙවනවර කියවීමේ විවාදය පැවැත්වෙන අතර දෙවන වර කියවීමේ ඡන්ද විමසීම 21 වැනිදා පස්වරු 5 ට සිදු කෙරෙනු ඇති.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි