ලබන වසරේ පැවැත්වීමට නියමිත ආසියානු ක්රිකට් ශූරතා තරඟාවලියේ සත්කාරකත්වය ශ්රී ලංකාවට හිමිව ඇතැයි වාර්තා වෙයි.
මෙම වසරේ ආසියානු ශූරතාවය පාකිස්ථානයේ දී පැවැත්වීමට නියමිතව තිබුණත් කොරෝනා වසංගත තත්ත්වය හමුවේ එය අත්හැර දැමුනු අතර ඒ වෙනුවට පාකිස්ථානයට 2022 වසර හිමිව තිබේ.
ඒ අනුව තරඟාවලිය ලබන වසරේ ජුනි මාසයේදී පැවැත්වෙනු ඇති බවටද සඳහන් වෙයි.
එමෙන්ම 2022 වසරේ දී පාකිස්ථානයේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ශූරතා තරඟාවලියට ඉන්දියාව සහභාගී වෙයිද යන්න අවිනිශ්චිතව ඇති බවට වාර්තා වන්නේ දෙරට අතර පවතින දේශපාලනික අර්බුදයන් හමුවෙයි.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්රී ලංකා ක්රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්රීඩා උළෙල ඇරඹීමට සූදානම්