කොලඹ හා තදාසන්න ප්‍රදේශ වල පවතින රථ වාහන තදබදයට විසදුම් ලබා දීම අරමුණු කරගනිමින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් විශේෂ වැඩ පිළිවෙලක් දියත් කර තිබෙනවා.
එහි මුලිකම කටයුත්ත වී තිබෙන්නේ රථවාහන තදබදය වැඩිම නගර සහ ප්‍රදේශ අශ්‍රිතව විකල්ප මාර්ග (By Pass Road) ,ගුවන් පාලම් ඉදිකිරීමයි.
එමෙන්ම උමං පදික මාරු, ගුවන් පදික මාරු, අතුරු මාර්ග සහ විකල්ප මාර්ග ඉදිකිරීමට සැලසුම් සකස් කර තිබෙනවා.
මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසන්නේ 2021 අයවැයෙන් ද මේ සඳහා මුදල් වෙන්වී පවතින බවයි.
2021 වසරේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කිරීමට යෝජනා ව්‍යාපෘතීන් පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරියේ හා මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් සමග පසුගියදා (12 ) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති රැස්වීමට එක වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළකර තිබෙනවා.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙම වැඩපිළිවෙල යටතේ කොළඹ නගරය වෙනුවෙන් කොහුවල ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත ගුවන් පාලම, බාලදක්ෂ මාවතේ ඉදිකිරීමට යෝජිත ගුවන් පාලම, උත්තරානන්ද මාවතේ ගුවන් පාලම සහ විනිසුරු අක්බාර් මාවතේ ඉදිකිරීමට යෝජිත ගුවන් පාලම ඇතුළු පාලම් කිහිපයක් පිළිබඳ මෙන්ම කොළඹින් පිටත කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ මුත්තෙට්ටුගල, යාංගල්මෝදර, අලව්ව සහ මහව යන නගරවල ගුවන් පාලම් ඉදිකිරීමට යෝජිත ගුවන් පාලම පිළිබඳවත් අදහස් දක්වා තිබෙනවා.
මීට අමතරව මහනුවර දිස්ත්‍රික්කයේ ගැටඹේ ප්‍රදේශයේ ද ගුවන් පාලම ඉදිකිරීමට තීරණය කර ඇති බව ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.
කොළඹ සහ බොහොමයක් නගරවල අධික රථවාහන තදබදයට බලපාන ප්‍රධානතම හේතුව ලෙස ක්‍රමවත් පදික මාරු නොමැති වීමේ ගැටලුව හදුනාගෙන ඇති බව සඳහන් කල අමාත්‍යවරයා, රථවාහන තදබදය අවම කිරීමටත් රථවාහන අනතුරු ප්‍රමාණය අඩුකර පදිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමත් අරමුණු කරගනිමින් උමං පදිකමාරු සහ ගුවන් පදිකමාරු ඉදිකිරීම සැලසුම් කර ඇති බව සඳහන් කළා.
ඒ අනුව රාජගිරිය ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාව අසල , ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIT) අසල , රාජගිරිය ජනාධිපති විදුහල අසල, මොරටුව වේල්ස් කුමර විදුහල හා වේල්ස් කුමරි විදුහල් අසල උමං පදිකමාරු ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.
මීට අමතරව කොට්ටාව සහ රත්නපුර නගරවලව ද උමං පදික මාරු ඉදිකිරීම සැලසුම බවයි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසන්නේ.
බොරැල්ල කාසල් රෝහල අසල ගුවන් පදික මාරුවක් ඉදිකිරීමද සැලසුම් අතරට අයත්.
මීට අමතරව අධික රථවාහන තදබදයන් සහිත නගරවල එම රථවාහන තදබදය පවතින නාගරික ප්‍රදේශ මගහැර, නගරයෙන් පිටතට යන රථවාහන සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් අතුරුමාර්ග (By pass road) ඉදිකිරීම වඩාත් යෝග්‍ය ක්‍රමවේදයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ අනුව රත්නපුර, වරකාපොළ, රාගම යන ප්‍රදේශවලට අතුරුමාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘතියක් අරඹන බවද සඳහන් කළා.
අධික රථවාහන තදබදය මගහැර ගමන් කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික්කය තුළ සංවර්ධනය කළ යුතු විකල්ප මාර්ග ලෙස කිඹුලාවල, රෝහල් පාරේ අංශක 90 වංගුවේ සිට පන්නිපිටිය, තොරණපාර හරහා බොරුපන මාර්ගය සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු පෙන්වාදුන්නා.
මෙම මාර්ගය සංවර්ධන කිරීම තුළින් බත්තරමුල්ල ප්‍රදේශයේ සිට ඉතා කෙටි කාලයකින් රත්මලාන ගුවන් තොටුපළට හා ගාලුපාරට ළගා වීමටත්,
මාලඹේ නගරයේ පවතින අධික රථවාහන තදබදය මගහැර බත්තරමුල්ලේ සිට කඩුවෙල දෙසටත්, කඩුවෙල සිට බත්තරමුල්ල දෙසටත් ගමන් කරන වාහන සඳහා චන්ද්‍රිකා කුමාරතුංග මාවත හා තලාහේන දෙසටත් පහසුවෙන් ගමන් කිරීමට හැකිවනු ඇති.
මුලාශ්‍රය – මාධ්‍ය ඒකකය ( මහාමාර්ග අමාත්‍යංශය )
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්