ඕනෑම පුද්ගලයෙක් කුමන හෝ රටකට හෝ නගරයක සංචාරය කිරීමට අදහස් කරයි නම් ඔහු පළමුව සොයාබලනු ලබන්නේ ආරක්ෂාව ගැන ය.
විශේෂයෙන්ම දැනට ලොව පුරා ඇති වසංගත තත්ත්වය හේතුවෙන් යම් ස්ථානයක “ආරක්ෂාව” පිළිබඳ ව කෙරෙන විග්‍රහය වෙනස් වී ඇති බව නොරහසකි.
ආරක්ෂිත නගර දර්ශකය මගින් ජාත්‍යන්තර නගර 60ක් වර්ගීකරණය කර තිබේ. ඒ, ඩිජිටල් ආරක්ෂාව, සෞඛ්‍ය ආරක්ෂාව, යටිතල පහසුකම්, පෞද්ගලික ආරක්ෂව සහ පාරිසරික ආරක්ෂාව යනුවෙනි.
එම දර්ශකය අනුව වසර ගණනාවක් පුරා එම ලැයිස්තුවේ පළමු ස්ථානය මාරුවෙන් මාරුවට හිමිකර ගත්තේ ටෝකියෝ, සිංගප්පුරුව, ඔසාකා වැනි ආසියානු නගරයි.
නමුත් 2021දී එය වෙනස් වී තිබේ.
ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නගරය මෙවර ලොව ආරක්ෂිතම නගරය ලෙස තේරී ඇත. ඒ, ලකුණු 100කින් 82.4ක් ලබාගනිමිනි.
කෝපන්හේගන් නගරය 2019 වසරේදී එම ලැයිස්තුවේ සම-අටවැනි ස්ථානය හිමිකරගෙන තිබුණි.
නමුත් මෙවර හඳුන්වා දී ඇති පාරිසරික ආරක්ෂාව යටතේ එම නගරය වැඩි ලකුණු ගණනක් හිමිකර ගෙන ඇති අතර පෞද්ගලික ආරක්ෂාව කාණ්ඩයෙන් ද එම නගරය ඉහළ ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන තිබූ බව විදෙස් මාධ්‍ය පැවසීය.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්‍රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ