2021 දී ඉන්දියාවේ පැවැත්වෙන ICC පිරිමි T20 ලෝක කුසලාන අවසන් මහා තරඟයට යාමට මාස දොළහක් තිබියදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ ඉන්දියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය වෙළඳ නාම අනන්‍යතාවය හෙළි කිරීමට පසුගියදා ඩුබායි හිදී එක්ව සිටියා.
හත්වැනි පිරිමි T20 ලෝක කුසලානයේ සංස්කරණය එන්නේ ඉන්දියාවේදී මෙම තරඟාවලිය පවත්වා වසර පහකට පසුවය. මේ වසරේ මුලදී ජාත්‍යන්තර කාන්තා දිනයේදී පැවති ඕස්ට්‍රේලියානු-ඉන්දියා අයිසීසී කාන්තා විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියෙ අවසන් මහා තරඟයට වාර්තාගත පුද්ගලයින් 86,174 ක් සහභාගී වුනා. කාන්තා විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියෙන් පසුව පැවැත්වෙන පළමු ගෝලීය ICC තරගාවලිය මෙය වේ.
2020 නොවැම්බර් ඕස්ට්‍රේලියාවෙ පැවැත්විමට තිබු T20 තරගාවලිය කෝවිඩ් වසන්ගතය නිසා 2022 දක්වා කල් දැමුනා.එම තරගාවලියට සුදුසුකම ලබාතිබු ඇෆ්ගනිස්ථානය, ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, අයර්ලන්තය, නැමීබියාව, නෙදර්ලන්තය, නවසීලන්තය, ඕමානය, පකිස්ථානය, පැපුවා නිව්ගිනියාව, ස්කොට්ලන්තය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්ය න කණ්ඩායම් 2021 ඉන්දියාවෙ පැවැත්වෙන තරගාවලිට සහභාගි වනු ඇත.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්