බර්මින්හැම් 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා වන ක්‍රිකට් තරගාවලියෙ කාලසටහන ප්‍රකාශයට පත් කර ඇති අතර,තරග සියල්ල කාන්තා T20 තරග ලෙස පැවැත්වේ.
සියලු තරග 2022 ජූලි 29 වැනිදා සිට එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. පළමු තරගයේදි ඔස්ට්‍රේලියාව සමග ඉන්දියාව තරග වැදීමට නියමිතය. ජුලි 31 වැනිදා පකිස්ථානය ඉන්දියාවේ තරගය පැවැත්වේ.
2022 ආරම්භයේදී පැවැත්වීමට නියමිත සුදුසුකම් ලැබීමේ තරඟාවලියෙ ජයග්රාහි කණ්ඩයම සමඟින් ජූලි 30 වන දින එංගලන්ත කණ්ඩායම ප්‍රථම තරගයට මුහුන දෙනු ඇත.
සුදුසුකම් ලබාගැනිමෙ තරගාවලියෙන් ප්රථන ස්ථානය ලබාගන්නා කණ්ඩායම මේ තරගාවලිය සහභාගි වේ.බටහිර ඉන්දිය කොදෙව් දේශය පොදුරාජ්‍ය මණ්ඩල රටවල් කිපයක් නියෝජයන කරණ බැවින් බාබඩෝස් දේශය එ වෙනුවෙන් නියෝජනය වේ.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්
විදේශයන්හි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලක විශිෂ්ටතම දස්කම් දැක්වීමට චීනය මෙවර සමත් වෙයි