2023 දී, ආනයන හා අපනයන වාර්තා සහිත චීනයේ විදේශ වෙළඳ ව්‍යාපාරික ආයතන ගණන පළමු වරට ලක්ෂ 6 ඉක්මවා ඇති අතර එම සංඛ්‍යාව 645000 දක්වා ළඟා වී ඇති බව චීන රේගු ප්‍රධාන පරිපාලනය පවසයි.
ව්‍යවසායකයන්ගේ ලාභය සහ තෘප්තිය පිළිබඳ ආකල්ප වැඩිදියුණු කිරීම සඳහා අදාළ සේවා ක්ෂේත්රවලදී කාර්යක්ෂම ස්වයංක්‍රීය රේගු කාර්යභාරයක් ඉටු කිරීමට චීනය පුරා රේගු පරිපාලනයන් උත්සාහ කරන බව එම පරිපාලනයේ නිලධාරියෙක් පැවසීය.
වර්තමානයේ චීන රේගුව කෘත්‍රිම බුද්ධිය යනාදී නව තාක්ෂණ භාවිත කොට හඬ යෙදවුම්, රූප හඳුනාගැනීම සහ ස්වයංක්‍රීය සෙවුම් වැනි කාර්යයන් සාක්ෂාත් කර ගෙන තිබේ. ඒ ඔස්සේ ව්‍යවසායන්ගේ ව්‍යාපාර ක්‍රියාවලිය වඩාත් පහසු, කාර්යක්ෂම සහ නිවැරදිව සිදු කිරීමට හැකි වීම විශේෂත්වයකි.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්‍රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ