2023 වසරේ බෙයිජිං සංස්කෘතික සංසදය සැප්තැම්බර් 14 වෙනිදා බෙයිජිං හි දී ආරම්භ වේ. යහපත් සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම සහ හුවමාරු ප්‍රවර්ධනය කිරීම කෙරෙහි මෙම දෙදින උත්සවයේ දී අවධානය යොමු කෙරේ. ඊට ප්‍රධාන සංසදයක්, උප සංසද පහක් සහ ඒ ආශ්රිත පැවැත්වෙන සංස්කෘතික ක්‍රියාකාරකම් කීපයක් ඇතුළත් වන අතර චීන සංස්කෘතියේ වර්ධනය දැක්වෙන වාර්තාවක් ද එළි දැක්වෙනු ඇත.
මෙම සංසදයට දේශීය හා විදේශීය 600කට අධික පිරිසක් එක් වීමට නියමිතයි. සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම සහ ප්‍රයෝජනයට ගැනීම, සංස්කෘතිය හා තාක්ෂණය ඒකාබද්ධ කිරීම මෙන්ම විවිධ ශිෂ්ටාචාර පිළිබඳව මෙහිදී ගැඹුරින් සාකච්ඡා පැවැත් වේ.
More Stories
සමාගම් ක්‍රියාත්මක කිරීම හා මිළදී ගැනීම් සම්බන්ධයෙන් වෙළඳපල මූලධර්ම මත පදනම්ව ක්‍රියා කළ යුතු බව චීනය පවසයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල චීන ආර්ථිකය පිළිබඳ සුබවාදී අපේක්ෂා පළ කරයි
චීනයේ විවිධ ප්‍රජාතාන්ත්‍රික පක්ෂ ඇතුළු නියෝජිතයන් සමග චීන ජනපති වසන්ත උත්සවය පිළිගැනීමේ අවස්ථාවකට එක්වෙයි