චීන රාජ්‍ය මණ්ඩලයේ තොරතුරු කාර්යාලය ඊයේ(17) මාධ්‍ය හමුවක් පවත්වමින්, 2023 වසරේ ජාතික ආර්ථිකයේ කාර්ය සාධනය පිළිබද පැහැදිලි කළේය. අදාළ බොහෝ දර්ශක පෙන්නුම් කරන්නේ චීනයේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් සහ වැඩිදියුණු වෙමින් පවතින බවයි. උසස් තත්ත්වයේ සංවර්ධනය ශක්තිමත් ලෙස ප්‍රවර්ධනය කරන අතර, ප්‍රධාන අපේක්ෂිත ඉලක්ක සාර්ථක ලෙස ඉටු කර තිබෙන බව ද ඉන් නිරූපනය කෙරේ.
චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයේ අධ්යක්ෂ Kang Yi මහතා එහිදි පෙන්වා දුන්නේ, සමාන කොන්දේසි යටතේ ලෝකයේ සෙසු රටවල් හා සසඳන විට, 2023 වසරේ චීනයේ 5.2%ක ආර්ථික වර්ධන වේගය, ගෝලීය අපේක්ෂිත වර්ධන වේගය වන 3% ට වඩා වැඩි වන බවයි. මෙය ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන් අතර ද ඉහළ මට්ටමක පවතී. 2023 වසරේ චීනයේ ආර්ථිකය ලෝක ආර්ථික වර්ධනයට 30% කට වඩා දායකත්වයක් ලබා දී ඇතැයි අපේක්ෂා කරන අතර, මෙය ලෝක ආර්ථික වර්ධනයේ විශාලතම එන්ජිම වනු ඇති බව Kang Yi මහතා සඳහන් කර ඇත.
More Stories
ප්‍රමාද වූ සියලු පාස්පෝට් මාසයක් ඇතුළත නිකුත් කිරීමට පියවර
චීනයේ ග්රාමීයව ජීවත් වන සාමාන්‍ය පුද්ගලයකුගේ වැය කළ හැකි ශේෂය 2024 වසරේ දී කැපී පෙනෙන වර්ධනයක
ගෝලීය කටයුතුවලදී ජර්මනිය සහ යුරෝපා සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම, චීනයට සතුටක්– චීන විදේශ අමාත්‍යංශය